මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබෙනවා.

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.