
වත්මන් පාර්ලිමේන්තුව අද රාත්‍රියේ දී විසුරුවා හැරීමට ඉඩ ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (2) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, අප්‍රේල් මස 26 සිට මැයි 04 දින ඇතුළත මහමැතිවරණය පැවැත්වීම සිදු කළ යුතු බවත් මැයි 10 ට පෙර නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතු බවත් පැවසීය.