
ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොවිඩ්-19 ; කොරෝනා වෛරසය අසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ. මෙලෙස වෛරසය වැළඳී ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකට බවත් ඇය බ්‍රේශියා(Brascia) නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. ඇයගේ තත්වය බරපතල නොවන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.