
හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ගම්පහ දිස්ත්‍රික් එජාප පලාත් පාලන අපේක්ෂක පිරිසක් හමුවිය. එම හමුවීම 31 වන දින සවස වත්තල දී හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සොයිසා මැතිතුමන් මෙලස පැවසීය ” අපි 88/89 ජනතා විමුක්ති පෙරමුණු භීෂණයට මූණ දීලා දේශපාලන පන්නරය ලබපු මිනිස්සු. අපි දහදුක් විඳලා ආණ්ඩුවක් හැදුවම පිටරට ට වෙලා ඉඳපු නෑදෑ සනුහරේ ඇවිත් අපිව පැත්තකට විසික් කරලා බලය අල්ලන්න ගත්තා. අපි ඒත් ඉවසුවා කමක් නැහැ රටට හොඳක් වෙනවා නම් කියලා. ඒත් රටෙනුත් හොරා කාලා හොරා කාලා රටත් විනාස කරන්න ගත්තා. අන්තිමට රටට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. ඊට පස්සෙ දින පනස් දෙකේ කුමන්ත්‍රණය වෙලාවේ තවදුරටත් ඉවසන්නම බැරි තැන මම ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් යූ.එන්.පී ය එක්ක එකට අත්වැල් බැඳගත්තා.’
