

යේමනයේ මරිබ් නගරයේ පිහිටි ආරක්ෂක හමුදා පුහුණු කිරීමේ කඳවුරක් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් හමුදා සෙබළුන් අසූවක් පමණ මරණයට පත්ව තවත් සෙබළුන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. යේමන් රජයේ ප්‍රකාශකයකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරය බොහෝ දුරට ඉරාන ආධාර ලබන හෞති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසලයිල ප්‍රහාරයක් වන්නට ඉඩ ඇති බවයි. පසුගිය දා ඝාතනය වූ ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානි විසින් ඉරානයේ ඉදිරිපෙළ ආරක්ෂක උපක්‍රමයක් ලෙස අරාබි කලාපයේ භූගෝලීය වශයෙන් වාසි සහගත පිහිටීම් සහිත රටවල ඉරාන ආධාර යටතේ සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටි බව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව මෙම ප්‍රහාරය පිටුපස ද ඉරාන රජය සිටින බව යේමනය විසින් සැක කරන බව පෙනී යයි.