
සියලුම ගුරු සංගම් ඒකාබද්ධ ඉල්ලීමක් සිදුකරමින් ජනාධිපති ලේකම්වරයා හමුවීම සඳහා වේලාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා පාදක වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී දිග්ගැස්සෙමින් තිබෙන ගුරු විදුහල්පති වැටුප් විෂමතා අර්බුදය සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමයි.එමෙන්ම ගුරු සහයකයින් ලෙස උසස් පෙළ සමතුන් 50,000 ක් බඳවා ගැනීම පිළිබඳව මතුව ඇති යෝජනාවට ද ගුරු සංගම් වල අප්රසාදය පළව ඇති බව දැනගන්නට ලැබී ඇත.