
ඊයේ(6) පව. 7.30 ට පමණ ගිනිගත්හේන පොලිස් වසමේ හදොල්පිටිය ප්රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂකයින් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
එහි දී තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කරවනැල්ල රෝහලේ ද අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලේ ද ප්රථිකාර ලබන අතර වෙඩි තැබීම සිදු කළ කොස්තාපල්වරුන් දෙදෙනා ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.