
එක් දිනෙක සැඳෑවක…
සඳත් හතිලන දිනෙක
කිපුණු වැසි නිවුණු පසු
හුරු පුරුදු ඉසව්වක..
නුඹ,
සුළඟකකින් වුව දැවෙන
යාන්තම් ගින් දැල්ල
හිස මතට අවුලවයි…
දෙතොලතින් හදවතට
ආදරය ඇද ගනියි
ඉනික්බිති,
ඇගේ කඳුළක පවා
නොරිස්සන සුසුමන් ය
හිනා කවිකම් කතා
තිත් කොමා අහුරක් ය
වේදනා මතක මත
නිරුත්තර සටහන් ය
දුරින් සිටි සහෘදය
නුඹට එය කවියක් ය
– තාරිකා තත්සරිණි –