
වැල්වැටිතුරෛයි ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා බුද්ධි තොරතුරකට අනූව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිළධාරීන් පිරිසක් විසින් ඊයේ (31) මෙම මෙහෙයුම සිදුකර තිබේ.
නාවික හමුදා බාරයට පත් කේරල ගංජා තොගය සහ අදාල පුද්ගලයින් ඉදිරි නීති කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලීසියට භාර දීමට කටයුතු කරන ලදී.
අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 38 සහ 27 වියෙහි පසුවන්නන් බව වාර්තා වේ.
ගෙවී ගිය ජනවාරි මාසය තුළ කේරළ ගංජා කිලෝග්රෑම් 527 කට අධික ප්රමාණයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.