
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය සඳහා අවශ්‍ය නව යෝජනා සහ අදහස් ලබා ගෙන ප්‍රතිව්‍යුහගත කිරීමට විශේෂඥ කමිටුවක් පත් කළේ ඉකුත් ජනවාරි 7වන දා ය.
රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු මෙම කමිටුව පසුගිය 28 වන දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අදාළ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති මෛත්රීරපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බවයි.
ස්වාධීන අධ්යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හඳුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය,මානව සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්රතිසම්පාදන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප්‍රවර්ධනයේ දී සහයෝගීතාවය පිළිබඳ සොයා බැලීම යන කාරණා පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බව කමිටුව අදහස් ඉදිරිපත් කර ඇත.