
කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise – CONEX 19) ජනවාරි 26 වන දා ආරම්භ වූ අතර මෙදින සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේදි පැවැත්විය.
ඊයේ (ජනවාරි 27) කොළඹට නුදුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත, රත්නදීප යන නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකාවන් වන සුරක්ෂා සහ සමුද්රරක්ෂා යන නෞකාවන් 09 ක් සමඟින් වේග ප්‍රහාරක යාත්‍රා 08 ක් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වන ලදී.
එහිදී නෞකා හැසිරවීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරටපත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් සිදු කළේය.
මෙහි අවසන් අභ්‍යාසය අද දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.