
ශ්‍රී ලංකාවේ වත්මන් ව්‍යාපාර දියුණු කරමින් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රජය මගින් දියත් කොට ඇති විශේෂ ණය යෝජනා ක්‍රමයක් වන එන්ට්රප්රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ගොවි ජන සහන ණය යෝජනා ක්‍රමය පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කිරීමේ සමාරම්භක උත්සවය 2019-01-28 දින වන අද දින පෙ.ව.10.00ට දඹුල්ල පිරිවෙන් වැව පරිශ්‍රයේ දී පැවැත්වේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා, මුදල් හා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වේ.
තවද මෙමගින් රජය මගින් හඳුන්වා දෙන පොළී රහිත ණය වාරික ගෙවීමේ දී රජය දායක වන ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දීම ද සුවිශේෂී වේ.