
දිගින් දිගටම එක්දින තරග වල අසාර්ථක විම නිසා කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේන් ඉවත් කර නවක ක්රිඩකයන් දෙදෙනකු වන කමිදු මෙන්ඩිස් සහ අවිශ්ක ප්රනාන්දු හට එම ස්ථාන ලබාදීමට ක්රිකට් තේරිම් කමිටුවේ අවධානය යොමුවී ඇති බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.කෙසේ වෙතත් එම ක්රිඩකයන් තරගාවලි රැසකදි අසාර්ථකවුවද ඔවුන් දිගින් දිගටම කණ්ඩායමට තෝරා ගැනිම පිලිබඳ ක්රීඩා ලෝලීන්ගේ දැඩි අප්රසාදය තේරිම් කමිටුවට යොමු වී තිබිණ.එලඹනෙ පෙබරවාරි මස 13 වන දින සිට දකුණු අප්රිකානු සංචාරය ආරම්භ විමට නියමිතව ඇත.එහිදි ටෙස්ට් තරග 02 එක්දින තරග 05 ක් සහ විස්සයි-විස්ස තරග 03කට ශ්රි ලංකා කණ්ඩායම සහභාගි වනු ඇත.
මේදින වල අයර්ලන්තයට එරෙහිව පැවත්වෙන ක්රිකට් තරගාවලියේදි සුවිශේෂී දක්ශතා දැක්විමට එම නවක ක්රිඩකයන් දෙදෙනා සමත්වී ඇත.
කමිදු මෙන්ඩිස් (අයර්ලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේදි දැක්වූ දක්ශතා)

තරග | රැස්කරගත් ලකුණු | ලබාගත් කඩුලු |
1 තරගය | 9(6) | 1(64) |
2 තරගය | 76(50) | 2(33) |
3 තරගය | – | 0(40) |
4 තරගය | 50(32) | 3(34) |
අවිශ්ක ප්රනාන්දු (අයර්ලන්තයට එරෙහිව පැවත්වෙන එක්දිනක්රිකට් තරගාවලියේදි දැක්වූ දක්ශතා)

තරග | රැස්කරගත් ලකුණු |
1 තරගය | 128(120) |
2 තරගය | 55(45) |
3 තරගය | 89(67) |
4 තරගය | 139(118) |