සමුද්‍ර ජීවී මරණවලට හේතු සොයන්න ජාත්‍යන්තර සහය..

මුහුදු වෙරළට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශීය රසායනාගාර වෙත යවා ඒ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සහ එම සතුන් මිය යාමට හේතු පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීමට තීරණය කර ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයේ අනුයුක්ත නිලධාරීන් විසින් මෙම තීරණයට එළඹ ඇත.

විදේශීය විශේෂඥ සහය ලබා ගැනීම තුළින් මුහුදු කැස්බෑවුන්ගේ මරණයට හේතු වූ රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකි වනු ඇති බව රැස්වීමේදී තීරණය විය.

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවට හානි සිදුවූ දා සිට පසුගිය සති තුන තුළ මියගිය මුහුදු කැස්බෑවන් 50 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩගසා තිබිණි.

එමෙන්ම පසුගිය සිකුරාදා දින (18) විල්පත්තු ජාතික වනෝද්‍යානය අසල වෙරළ තීරයේ තල්මසෙකු ගොඩගසා තිබූ බව බලධාරීහු පවසති.

මීට අමතරව, ආසන්න වශයෙන් ඩොල්ෆින් 06 කගේ මලසිරුරු ද වෙරළ තීරයට ගොඩගසා තිබී සොයා ගැණින.

මේ වන විටත් මියගිය සමුද්‍ර ජීවීන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

සේයා රූ අන්තර්ජායලයෙන්….

Recommended For You

About the Author: Editor