ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය; ඇතැම් විට නොසිතු අත්හදා බැලීමක් විය හැකිය

පෙරළිකාර දේශපාලන චරිතයක් මෙන්ම අත්දැකීම් බහුල දේශපාලන ක්‍රියාධරයෙක් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඊයේ (20) වනදින පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකල කථාව පිළිබඳව සිය අදහස පළකර තිබුණි. පහතින් දැක්වෙන්නේ ඔහුගේ එම අදහස් දැක්වීමයි.

නීතීඥ ශිරාල් ලක්තිලක 

ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ ආශාව විවිධ දේශපාලන කඳවරුවලට ප්‍රතිපත්තිමය මූලෝපායන්ට යටත්ව අප සැවොම සතු ප්‍රාර්ථනයකි. පසුගිය දශක 7 කට ආසන්න කාලයක් තිස්සේ එය අපට ඉටුකරගත නොහැකිවු බවද යථාර්තයකි. එවැනි පසුබිමක සිට වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබු සංවර්ධනමය මූලෝපාය විමසන කල, එය Impressive Fiction එකක් යයි මට සිතේ. 


මම එසේ පවසන්නේ උපහාසයෙන් නොවේ. එය මෙරට සිංහල ජාතිකවාදයෙන් පෝෂණය වන ජනතාවගේ අභිලාෂයන් එක්තැන් කිරීමට සමත් වූ කථිකාවක් බව කිව හැකිය.  එය කෙතරම් ප්‍රායෝගිකද නැද්ද යන්න වෙනම කතාවකි. නමුත් එය බොහෝ සිංහල හා දෙමල ජනතාවගේ හද තුළ ඇති ප්‍රාර්ථනයකි.

ජනාධිපතිවරයා අද එකී ජනතා ප්‍රාර්ථනය ස්පර්ෂ කළ බව කිව යුතුය. එය තුළ කේන්ද්‍රීය කර ඇත්තේ සංවර්ධනයට ඇති රාජ්‍ය මැදිහත් වීමේ අවධාරණයයි. ජනාධිපතිවරයාගේ කතාව තුළ පුද්ගලික අංශයේ මැදිහත්විම පිළිබඳව අසන්නට ලැබුනේ එක් අවස්තාවකදි පමණි. ඒ අනුව අපට පූර්වේක්ෂණය කරන්නට වන්නේ නව ආණ්ඩුවේ ආර්ථික මාදිලිය රාජ්‍ය දේශීය ධනවාදයක් වන බවය. 


මා එය ධනවාදයක් යයි කියන්නේ ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මත ධනය ඉපයීම ව්‍යංගයෙන් අවධාරණය කළ නිසාය. එසේ ධනය ඉපයීමේ එකම මූලෝපාය ලෙස ඉදිරිපත් කළේ කෘෂිකර්මය, ධීවර හා දේශීය ව්‍යවසාය නිසා එම වැඩපිලිවල දේශිය ධනය ඉපීමේ වැඩ පිලිවලක් ලෙස සිතමි. 


කෙසේ නමුත් ඉදිරිපත් කළ අදහස් අනුව කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රය තුළින් ධනය ඉපයීම පිලිබඳව වචනයක් හෝ සඳහනක් නොවීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ. 
නමුත් කර්මාන්තයේ දී Re-engineering වෙතට යොමුවන ලෙසටය. ඉන් ඇඟවෙන්නේ වෙනම කතාවකි. කරන්න පුලුවන් නම් අතිවිශිෂ්ඨය. හැබැයි ඉහත මාදිලියට අනුව කරන්න යන්නේ බර කරත්තයකට බෙන්ස් එන්ජිමක් හයිකරන්නටය. ඇතැම් විට නොසිතු අත්හදා බැලීමක් විය හැකිය. උදා – මැටි කර්මාන්තය දියුණු කිරීමට ජපානයෙන් තාක්ෂණය හොරකම් කිරීම.


ජනාධිපතිවරයා සියල්ලන්ටම ආරාධානා කරන්නේ out of box හිතන ලෙසටය. එයත් හොඳ ප්‍රවිෂ්ඨයකි.


අනික් හොඳ කතාව result base development Monitoring සිදුකරන බව සඳහන් කිරීමය. මේ සියල්ල අතර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කී කතා වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා 19 සංශෝධනය ඉවත් කිරිම පිළිබඳව පමණය. ඒ අනුව පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යූහයක් තුළ පමණක් තිබෙන්නට ඔහු කැමති බවය. ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය මේ ආර්ථික මාදිලිය යටතේ පවත්වා ගෙන යාම අසීරු වනු ඇත.


දූෂණයට සමාවක් නැති බව කීම අගනේය.


මානව හිමිකම් ගැන කතා නොකළේය.

 
ඇතැම් විට ජනාධිපතිවරයා සිතනවා ඇත්තේ සංවර්ධනයට ඇති අයිතිය සැපිරේ නම් සිවිල්, දේශපාලනික ,සුලු ජාතික අයිතිවාසිකම් අවැසි නොවන බවය. කෙසේ නමුත් මට හිතෙන්නේ මේ අතවනන්නේ Authoritarian Capitalism වෙතටය. මක් නිසාද යත් මෙවැනි ආර්ථික මාදිලියක් බලය යොදවා මිස ආදරයෙන් ඒත්තු ගැන්වීමෙන් කළ නොහැකි නිසාය. එසේම රාජ්‍ය පාලන තරාදියයේ එක් පැත්තකට ගොඩනැගෙමින් එන ආර්ථික සුනාමිය හා අද ඉදිරිපත් කළ සංවර්ධන සිහිනය දැමු කල එය සමතුලිත කළ හැක්කේ අධිකාරීවාදී බලයටම පමණක් යයි මට සිතේ.  එසේ නොකළ හොත් ඉතිරිවිය හැක්කේ ඉච්ඡාභංගත්වයයි. එම නිසා අවම හෝ උපරිම බලය යොදා සිහිනය යථාර්තයක් කිරීමට ජනාධිපතිතුමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය කටයුතු කරනු නියතය. 


එසේ නොවන්නේ නම් අවුරුදු පහකට පසුව marching order එක ජනතාවගෙන් ලැබෙනු ඇත. එසේ වුවහොත් රාජපක්ෂවරුන්ට මෙන්ම ඔවුන් රැගෙන ආ දේශිය චින්තනයටද රට්ටුන් තිත තබනු ඇත.


නමුත් මෙම අත්හදා බැලීම මෙරට තුළ සිදුවිය යුත්තකි. මක් නිසාද යත් හරිගියත් වැරදුණත් ( මම පුද්ගලිකවම අපේක්ෂා නොකරමි) දෙකින් එකක් වන නිසාය.


බලයට වඩා රටට මම කැමතිය.

______________________________________
නීතීඥ ශිරාල් ලක්තිලක 

Recommended For You

About the Author: Editor(A)