09 A side 40න් ඉහළ ප්‍ර‍වීණයන්ගේ පාපන්දු තරගාවලිය සඳහා අයැදුම් කරන්න

එක් පිළකට 09(නව)දෙනා බැගින් සහභාගී වන 09 A side 40න් ඉහළ ප්‍ර‍වීණයන්ගේ පාපන්දු තරගාවලිය.

කොටා යුනයිටඩ් ක්‍රීඩා සමාජය දෙවන වරටත් සංවිධානය කරනු ලබන 09 A side 40න් ඉහළ ප්‍ර‍වීණයන්ගේ පාපන්දු තරගාවලිය මෙවරත් 2020 මාර්තු මස 22 වන ඉරු දින කෝට්ටේ අංගම්පිටිය පාර කොටා යුනයිටඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා ආරාධිත කණ්ඩායම් 16ක් පමණ සහභාගී කර ගැනීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත.

මුලින් ම තම කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කරන කණ්ඩායම් මෙම තරගාවලිය සදහා ඇතුළත් කර ගන්නා බව දැනුම් දෙන අතර 2020 මාර්තු මස 15 දා සවස 4.00ට අප ක්‍රීඩාංගනයේ දී තරග කාල සටහන හා කණ්ඩායම් පෙළගැස්ම(Draw) සිදු කරනු ලැබේ. තරගාවලි ශූරයන් සදහා මුදලින් රු. 75 000ක් ද, අනුශූරයන් සදහා රු. 50 000ක් ද, තෙවන ස්ථානය සදහා රු. 25 000ක් ද, දක්ෂතම ක්‍රීඩකයා සදහා රු. 5 000ක් ද, තරගාවලියේ දක්ෂතම දැල් රකින්නා හට රු.5 000ක් වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මන්ඩලය තීරණය කර ඇත. මීට අමතරව ශූරතාවය සහ අනුශූරතාවය සදහා කුසලතා ලබා දීමට ද තීරණය කර ඇත.

විමසීම් ; සුරේන්- 070 3887575 / රොෂාන් – 072 3448097

Recommended For You

About the Author: Editor(A)