
සුමිත් චාමින්ද විසින් සංස්කරණය කරන ලද ”අන්තෝනියෝ ග්රාම්ස්චි – ජීවිතය, චින්තනය හා දේශපාලනය” කෘතිය සහ ග්රාම්ස්චිගේ දේශපාලන චින්තනයේ අද දවසේ වැදගත්කම පිළිබඳ සංවාද කතිකාවක් මාර්තු 11 වන බදාදා දින ප.ව.3.00 ට ජාතික පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්වේ. එහිදී මූලික කතිකාමය මැදිහත්වීම සිදු කිරීමට නියමිතව ඇත්තේ විදර්ශන කන්නන්ගර, මහේෂ් හපුගොඩ, වගීෂා ගුණසේකර හා රමිඳු පෙරේරා විසිනි. (සුමිත් චාමින්ද විසින් පරිවර්තනය කඑන ලද ‘වැලි මිනිසා හා තවත් කතා‘ නම් වූ කෙටිකතා පොත ද එදින එළි දැක්වෙනු ඇත). මෙහෙයවීම විදුර මුණසිංහ විසිනි.