කැලණි සරසවියට පැමිණි නවකයන්ට ‘නාසා’ බෙදූ පෙම් හසුන

කැලණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදුවෙනවා. ඊට සමගාමීව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය හා ශිෂ්‍ය සංගම් ඉලක්ක කර ගනිමින් බාහිර සමාජයේ බරපතල විවේචන ගණනාවක් ම එල්ල වෙමින් පවතින්නේ සරසවි තුළ ක්‍රියාත්මක වන නවකවද තත්වයන්ට එරෙහිවයි. මේ තත්වයන් උඩ ඊයේ(මාර්තු 12) දිනයේ අප ඇස ගැටුණේ අපූරු ලියමනක්. නාඳුනන සාමූහිකය(නාසා) නමින් වූ ශිෂ්‍ය සංවිධානයක් විසින් අභිනවයෙන් පැමිණි පළමු වසර සිසු-සිසුවියන් වෙත පෙම් හසුනක් බෙදමින් සිටියා.

ඔවුන් එය නම් කර තිබුණේ “අලුතින් ආ සිසු සිසුවියන්ට මුණගැහුණු හිංසනයට විරුද්ධ පෙම්හසුන හෙවත් අත් පත්‍රිකාව” ලෙසිනුයි. පහත උපුටා දැක්වෙන්නේ නාඳුනන සාමූහිකය විසින් බෙදා හරින ලද ඒ අපූරු පෙම් හසුනේ අන්තර්ගතයයි.

“ආදරණීය අනන්‍යා ඔයාට,

ඔයාට මතකද අපි දෙන්නම ඉස් ඉස්සෙල්ලාම සීසීටීවි එක දැක්ක දවස? කැමරායි සින්නොයි ගොඩක් අය අපි දිහා බලං ඉන්නෙ. ඉදගද්දි, කද්දි, බොද්දි, අපි දෙන්න එකට ඉද්දිත්, මතකද එදා? අපිට කිස් එකක්වත් දෙන්න බැරි උණේ කාගේ බැල්ම නිසාද? ඇත්තටම කාගෙ බැල්ම නිසාද? මට සුපුන් අයියා නම් කිව්වේ සීසීටීවි ආවෙ අප්‍රේල් බෝම්බෙන් පස්සෙ කියලා.

එක අතකට ඔයා නැති උනත් සීසීටීවි එකෙන් හරි හොයාගන්න පුලුවන්නෙ. හැබැයි රන්ජන් අයිය නම් කිව්වට රෙකෝඩින් වලින් හැම එකක්ම හොයාගන්න පුලුවන් කියලා ඒත් අර ලැප් එක නැති උන හැටි සීසීටීවී වල රෙකෝඞ් වෙලා නෑනෙ. එතකොට ඒකෙන් කියවෙන්නෙ මේවා ශිෂ්‍යයන්ගේ ආරක්ෂාවට තියෙන ඒවා නෙමේ කියලද? මහීල් මට නුවර බස් එකේදි නම් කිව්වෙ කවුරු කවුරුත් ඒකියන්නෙ ඔය සොක්කොයි ලොක්කොයි එකතු වෙලා තමයි පාස්කු වලට කලින් ඉදන්ම සීසීටීවි හයි කරන වැඬේ පටන් ගත්තේ කියලා.

මිහිර පත්තරේ දවසක් දාල තිබ්බ ජෙරම් බෙන්තම්ගෙ කතාවක්. ඒකෙ තිබ්බ කතාව ඇත්ත කියලා දැන් හිතෙනවා. ඒකේ පැනොප්ටිකන් කියල තැනක් ගැන රූපෙකුත් එක්ක පැහැදිලි කරල තිබ්බා.

ඔය තියෙන්නෙ සිරකරුවන්ව රඳවල තිබ්බ තැනේ පින්තූරයක්.

ඔය මැද තියෙන කුළුණෙ ඉදන් වටේම තියෙන කුටි දිහා බලන්න පුලුවන්. ඒ කුළුනෙ කවුරුත් හිටියත් නැතත් කුටිවල ඉන්න සිරකරුවන් හිතන්නෙ කවුරු හරි තමන් දිහා බලන් ඉන්නෙ කියලා. හරියට අපිව කොහෙන් හරි පාලනය වෙනව වගේ. දැන් මේ සීසීටීවි හින්දා අපිටත් දැනෙන්නෙ ඔය කුටිවල ඉන්න අයට වගේමයි. දැන් අපි දිහා බලං අපිව පාලනය කරන්න හදන්නේ සීසීටීවි විතරද?

නෑනෙ..ඔය සීසීටීවි ඇඩ්මින් එකයි, සින්නොයි අපිව ආරක්ෂා කරන්න කොච්චර නම් අපි දිහා බලං ඉන්නවද! විශේෂයෙන්ම කෙල්ලන්ව.

ඔය ඔක්කොම අය බලං ඉදල නැති කරන්නෙ අපිට ආදරෙන් හුස්ම ගන්න තියෙන ඉඩකඩ නේද? ඔය බෙන්තම් ගේ පැනොප්ටිකන් එකෙ තියෙන බැල්මෙන් කරනවා වගේ පාලනයක්ද?, ඒකියන්නෙ මේක අපිව නිකන් රොබෝල කරන අරගලයක්ද?

මේ පැනොප්ටිකන් කතාව වගේම අපිව ගල් ගස්සන තවත් දේවල් මේකෙ තියෙනව කියල තේරුණේ ලිලිපුට්ටො සෙට් එකක් දවසක් අපිට බෙදපු කොළ කෑල්ලක් නිසයි. මේ පල්ලෙහා තියෙන්නෙ ඒ පණිවිඬේ ,

කැම්පස් එකට ආ ඔයාලගේ නිදහස

සී සී ක ඩ වි සි ර ල

විනාස කරනවට

කැමති නෑ නේද?

ඔයාලගේ ෆැශන්වලට බැමි ගහනවට කැමති නෑ නේද?

අසැබිවචනින් බනිමින් කරන මානසික හිංසනයට කැමති නෑ නේද?

විශ්වවිද්‍යාල පරිපාලනය හෝ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හෝ ශිෂ්‍ය සංගමයක පිරිසක් හෝ කවුරු හෝ වේවා ඔයාලට කරන හිංසනයට

පීඩනයට විරුද්ධ වෙන්න!

බැමි ගසා ගැට ගහන්න හදන ඔයාලගේ අත්තටු මුදාලන්නට එඩිතර වෙන්න

එම බැමි කඩාදමන්න, බැමි ඉස්සරහ බය නොවන්න

ඔයාලට අත්තටු තියෙනවා!

පියාඹන්න!

ලොකු කුඩා භේද නැතුව ප්‍රේමයේ සමානාත්මතාවය වෙනුවෙන් හඩ අවදිකරන්න!

නිදහස් ආදරයේ අධ්‍යාපනය වෙනුවෙන් පියඹන්නට බය නොවන්න!

ලිලිපුට්ටන් වගයක් එවපු පණිවිඬේ අලුතින් එන අයටත් හම්බුනාම එයාලත් බැමි වලින් ගැට ගහල තියෙන අත්තටු ලිහන්න උත්සහ කරයි, ඒ බැමි ප්‍රශ්න කරයි. කාගෙවත් තග් සීන් වලට, බලපෑම් වලට යට වෙන් නැතුව මනුෂ්‍යත්වයේ අත්තටු දිගහැරල හුස්මගන්න තියෙන ඉඩහසර වෙනුවෙන් පියඹන්න එයාලටත් පුළුවන් වෙයි.

මීට

කැලණිකන්දේ ෆූකෝ

Recommended For You

About the Author: Editor(A)