
දේශීය අමුද්‍රව්‍යවලින් සෞඛ්‍යයට හිතකර ආයූර්වේදමය නිෂ්පාදනයන් කරන සුපුලි සිලිලාරි වික්‍රමනායක කරුණාරත්න මහත්මිය Nature Healing Ayur (pvt) ltd පෞද්ගලික ආයතනයේ හිමිකාරියයි. 2016 දී ගාල්ල හබරාදූවේදී තම ව්‍යාපාරය ආරම්භ කරන ඇය ඉතාමත් කෙටි කාලයක් තුළ, එනම් 2017 වසරේ දකුණු පළාතේ හොඳම ව්‍යවසායිකාව බවට පත්ව, 2019 වසරේ දී ජාතික මට්ටමින් තෙවන ස්ථානයත් ලබා ගන්නට සමත් වන්නීය. මේ වන විට ඇය ස්විට්සර්ලන්තය, ලිතුවේනියාව, ජපානය, මාලදිවයින වැනි රටවල් සඳහා තම ආයූර්වේද නිෂ්පාදන සාර්ථකව අපනයනය කරයි. එමෙන් ම සෙනෙහෙබර දෙදෙරු මවක් වන ඇය වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ ව්‍යාපාර ක්ෂේත්රයේ සීග්‍ර දියුණුවක් ලබමින් අනෙකුත් කාන්තාවන්ට මෙන් ම තරුණ ව්‍යවසායකයන්ට ද වටිනා ආදර්ශයක් ලබා දී ඇත. මේ දිගහැරෙන්නේ ඇගේ සාර්ථකත්වයේ කතාවයි.

සුපුලි සිලිලාර මහත්මිය ආර්ථික දුෂ්කරතා මැද රුපියල් තුන්දහසක ආයෝජනයකින් ආරම්භ කරන Nature Healing Ayur (pvt)ltd ආයුර්වේද නිෂ්පාදන ආයතනය වසර හතරක ඇවෑමෙන් රුපියල් මිලයන තිස් පහක ආයෝජන ධාරිතාවක් දරයි. ආහාර අතිරේක(Food Supplement) ආකාරයෙන් ලංකාවේ කුළුබඩු හා දේශීය අමුද්ර්ය යොදාගනිමින් කැප්සියුල්, ටැබ්ලට් නිෂ්පාදනය කිරීම මෙහි දී මූලික වශයෙන් සිදුවෙයි. රජයේ ආයූර්වේද වෛද්‍යවරයෙක් වන සිය සැමියාගේ ද උපකාර ඇතිව 2016 වර්ෂයේ දී ඇගේ නිවසේ එක් කාමරයක ආරම්භ කරන මෙම තනි පුද්ගල ව්‍යාපාරය වසරක් තුළ සෘජු රැකියා අවස්ථා 13ක් උත්පාදනය කර ඇත. එසේ වුව ද පළමු වසර අවසානයේ ඇයගේ අසීමිත උත්සහායට හා අධිෂ්ඨානයට දැවැන්ත අභියෝග එල්ල වන්නට විය. නැවතත් දැඩි අධිෂ්ඨානය හා කැපවීම තුළින් නැගී සිටි ඈ සිව් වසරක් තුළ සෘජු රැකියා 15ක් ද වක්‍ර රැකියා 300-400ත් අතර ප්‍රමාණයක් ද උත්පාදනය කරන්නට සමත් වූවාය. ව්‍යාපාරය බිංදුවට ම වැටී තිබියදී පවා නැවත නගා සිටුවන්නට සමත් වූ මේ දිරිය කාන්තාව පවසන්නේ, නව ව්‍යවසායක් ඇරඹීමේ දී කාන්තාවක් වීම කිසිසේත් ම ගැටලුවක් කර නොගත යුතු බවය. වර්තමානය වන විට ලෝකයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා විශේෂ අවධානයක් යොමු වි ඇති බවත්, ඒ නිසා නව ව්‍යවසායිකාවන් නොබියව ඊට මුහණ දිය යුතු බවත් ඇය පවසන්නීය. Nature Healing Ayur ව්‍යාපාරය යුරෝපය තුළත් ජපානය, මාලදිවයින වැනි රටවලටත් සිය නිෂ්පාදන අපනයනය කිරීම සිදු කරයි. විශේෂයෙන් ම සුපුනි සිලිලාර මහත්මිය පවසන ආකාරයට සුවසේවා සංචාරක කර්මාන්තය(Wellness industry) ආශ්රිත රැකියා සහ නිෂ්පාදන සඳහා වැඩි ඉඩක් පවතින්නේ යුරෝපාකරයට නොව ආසියාතික රටවලටය. පරිගණක තාක්ෂණය මූලික කොටගත් බටහිර රටවල් ඒ ආශ්‍රිතව බිලියනපතියන් බිහිකළ අතර මේ යුගය උදාවී ඇත්තේ ආසියාවට බව ඇගේ අදහසයි. ඒ සුවසේවා සංචාරක කර්මාන්තය ආශ්රිත රැකියා හා නිෂ්පාදන මූලික කොට ගනිමිනි. මෙම තත්වය නිවැරදිව ග්‍රහණය කර ගනිමින් ඇය සිය ආයූර්වේදමය නිෂ්පාදන දෙස්-විදෙස් වෙළඳපොල වෙත හඳුන්වා දී තිබේ. සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කළ හැකි නිෂ්පාදන, වර්තමාන තරුණ හා වැඩිහිටි ප්‍රජාව අතර බහුල අස්ථිවල කාටිලේජ අඩුවීම්වලට පිළියමක් ලෙස කාටිලේජ වර්ධනය කෙරෙන නිෂ්පාදන, එසේ ම තරබාරුකම අඩුකරගත හැකි කැප්සියුල්, පිළිකා තත්වයන් මර්ධනය සඳහා ලබා දිය හැකි ඖෂධ නිෂ්පාදන Nature Healing Ayur වෙතින් දෙස් විදෙස් වෙළඳපොලට හඳුන්වා දී ඇත. (දිවයින පුරා තෝරාගත් සුපිරි වෙළඳසැල්වලින් මෙම නිෂ්පාදන ලබා ගත හැකිය)

සිය ව්‍යාපාරය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවලින් විශේෂ දායකත්වයක් ලැබුණු බව සුපුලි සිලිලාරි වික්‍රමනායක මහත්මිය පවසන්නීය. ඇය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධ වන්නේ 2018 වර්ෂයේ දී ය. ඒ Export Market Place වැඩසටහන මගිනි. සහභාගී වූ සියලු ව්‍යවසායකයන් අතුරින් ඇයට ප්‍රථම ස්ථානය හිමිවන අතර එමගින් රුපියල් ලක්ෂ තුනක මූල්‍ය ත්‍යාගයක් ද හිමිවෙයි. එම මුදල සිය ව්‍යාපාරයට ආයෝජනය කරමින් නව යන්ත්‍රක් මිලදීගෙන නිෂ්පාදන ධාරිතාව වර්ධන කරගන්නට සමත් වන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස Nature Healing Ayur මගින් නව නිෂ්පාදන පහක් හඳුන්වාදීම සිදු කෙරෙයි. 2018 වර්ෂයේ දී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාත්‍යන්තර ප්‍රර්ශනයක් සඳහා තායිලන්තය වෙත යාමට ලැබීම තමාට සුවිශාල අත්දැකීම් ප්‍රමාණයක් සහ දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හේතු වූ බව පවසන්නීය. ඇය එම ගමනේ ලැබූ අත්දැකීම් ඇසුරින් සිය ව්‍යාපාරය සඳහා නව යන්ත්‍ර හා තාක්ෂණික ක්‍රම එක් කරන්නට කටයුතු කළ බව ද ස්තුති පූර්වකව සඳහන් කරයි.

2018 වර්ෂයේ දී ඇය දකුණු පළාතේ හොඳම ව්‍යවසායිකාව බවට පත් වන්නීය. එසේ ම ජාතික මට්ටමින් තෙවන ස්ථානය ලබා ගන්නීය. ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ ජයග්රණවලින් සීමා වී නැති ඇගේ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 2200 තත්ව සහතිකය ලබා දී ඇත. ආහාර අතිරේක(Food Supplement) වෙනුවෙන් ලංකාවේ එම සහතිකය ලබන එක ම ආයතනය ද Nature Healing Ayur ආයතනය යි. මේ වන විට යුරෝපීය රටවල පිළිකා මර්ධනය සම්බන්ධ ආයතනවල ඉල්ලීම පරිදි අනෝදා කොළ කැප්සියුල් නිපදවීම සහ ජපානයට අපනයනය කිරීම සඳහා වදමල් කැප්සියුල් නිපදවීම නව නිෂ්පාදන වශයෙන් සිදු කෙරෙයි. සුපුලි සිලිලාරි මහත්මිය මෙහිදී විශේෂ අවධාරණයක් කරමින් පැවසූවේ වදමල් කැප්සියුල් නිපදවීම සඳහා අවශ්‍ය පොකුරු වදමල් සැපයුම්කරුවන් දේශීයව නොමැති බැවින් ඒවා ආනයනය කරන්නට සිදුව ඇති බවයි. ඒ සඳහා ඉදිරියේ දී දේශීය සැපයුම්කරුවන් සම්බන්ධ කර ගැනිමට බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවාය. පාසල් වියේ දී නීතීඥවරියක් වන්නට අදිටන් කරගෙන සිටි, විශ්වවිද්‍යාලයේ දී මනෝවිද්‍යා විශේෂ උපාධියක් හදාරමින් මනෝ උපදේශිකාවක් වන්නට සිටි සුපුලි සිලිලාරි වික්‍රමනායක මහත්මිය අද වන විට දිවයිනේ සාර්ථක කාන්තා ව්‍යවසායිකාවක් ලෙස නම් දරන්නීය. ශ්‍රී ලංකාවේ නාමය සමඟ දේශීය අමුද්‍රව්‍යයන්ගේ ගුණ ජාත්‍යන්තරයට රැගෙන යන සන්නාමයක් බවට ඇය අද පත්ව සිටින්නීය.