
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්රිය මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතා සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් සමන් රත්නප්රිය මහතා නම් කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. ඒ අනුව ඒ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතය.