ලාංකික ඉංජිනේරුවරියක් අඟහරු යානයේ විදුලි පරිපථය නිර්මාණය කරයි

මෙලනි නිලන්ති මහආරච්චි නම් මෙම ලාංකේය ඉංජිනේරුවරිය 2003 වසරේදී සිය ස්වාමිපුරුෂයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත. එලෙස ඇමෙරිකාවට සංක්‍රමණය වූ මෙලනි වසර 17 ක ඇවෑමෙන් මේ වනවිට අභ්‍යවකාශ සහ ගුවන් යානා නිර්මාණ ක්ෂේත්‍රයේ දිගු ගනමක් ගිය ඉංජිනේරුවරියක් ලෙස සැලකිය හැක. 1969 දී සඳ තරණයෙන් පසු ලොව අභ්‍යවකාශ තාක්ෂණයේ ඇස යොමු වූයේ අඟහරු (Mars) ග්‍රහයා වෙතය. එහි ජීවීන් සිටී ද, ජලය තිබේ ද යන්න සහ ජීවීන් ට පැවතිය හැකි ද සෙවීමට විද්‍යාඥයෝ අද දක්වාම දැඩි වෙහෙසක් දරයි. මේ පර්යේෂණ කටයුතු සිදුකරන ආයතන අතර ප්‍රමුඛතම ආයතනය වන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය හා සමගාමීව Space X පෞද්ගලික ආයතනය ද මේ වනවිට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් ගෙන යාහැකි ආකාරය ගැන පරීක්ෂණ කරමින් සිටින සිටී.එලොන් මස්ක්ගේ අධීක්යෂණය යටතේ ක්‍රියාත්මක Space X ආයතනය අඟහරු ග්‍රහයා මත 2050 වනවිට මිනිස් ජනපදයක් පිහිටුවීම අරමුණු ඇතිව කටයුතු කරයි.මෙලනි මෙම Space X ආයතයේ ද සේවය කර ඇත. ඇය නාසා ආයතනය සමග එක් වී ඇත්තේ 2015 වසරේදීය.

නාසා ආයතනය හා සම්බන්ධවීම පිළිබඳව අදහස් දක්වන මෙලනි පවසන්නේ මෙවැනි කතාවකි.

“මම විශ්ව විද්‍යාලයෙන් අස්වෙන කොට මම හිතුවා කවදා හරි මගේ ඉලක්කය තමයි නාසා එකට සම්බන්ධ වෙලා ‘Mars Rover’ ව්‍යාපෘතියට එක් වෙන එක කියලා. ඇත්තටම නාසා එකට සම්බන්ධ වෙන එක හරි අමාරුයි. මගේ ප්‍රධානියා මාව ‘Linkdin’ එකෙන් දැකලා මැසේජ් කරලා ඇහැව්වා රැකියා අවස්ථාවක් ගැන එයත් එක්ක කතා කරන්න කැමති ද කියලා. මම එතකොට බෝයිං සමාගමේ වැඩ කළේ. ව්‍යාපෘති දෙක තුනක්ම තිබ්බා. මම එයත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වා මට බෝයිං එකෙන් හොඳට ගෙවනවා නමුත් ‘Mars Rover’ නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් එන්නම් කියලා. සම්මුඛ සාකච්ඡා දවසෙ ම තිබ්බා. 10 දෙනෙක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර. මට අන්තිම වෙන කොට හරිම මහන්සියි. ඔක්කොම ඉවර වෙලා මගේ ඉල්ලීමට ඔහු කැමති වුණා .”

මෙලනි පවසන පරිදි ‘Mars Rover’ යානය තුළ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) තනියෙන් ම නිර්මාණය කර ඇත්තේ ඇය විසිනි. ‘Mars Rover’ යානය 2020 දී දියත් කිරීමට නියමිතය. මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු නිමවා ඇති අතර වසරක් පුරා එම යානයේ පුර්ව පරීක්ෂා කිරීම් සිදුකරමින් තිබේ.

කොළඹ උපන් මෙලනි නිලන්ති මහආරච්චි, දරුවන් තිදෙනෙකු සහිත පවුලක දෙවෙනියා විය. 10 වෙනි ශ්‍රේණිය දක්වා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වී ඇති අතර 2003 වසරේදී ඇමෙරිකාවට පැමිණ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුලත් වී ඇත.

Recommended For You

About the Author: Editor