රෝහින්යා ප්‍රජාවට සිදුවන හිංසනයන් සඳහා මියන්මාර පාලන අධිකාරයේ නිහඬතාව කෲරත්වයේ සංඛේතයක්

මියන්මාරයේ රෝහින්යා ප්‍රජාවට එරෙහි බරපතල මිනිස් අයිතීන් උල්ලංඝණය කිරීමේ අපරාධ දිනෙන් දින ඉහල යන බවක් වාර්තා වෙනවා. මේ අතර කාන්තාවන් හා බාල වයස්කාර ගැහැණු දරුවන් දූෂණය වීම වැඩි වශයෙන් වාර්තා වන බව දැක්වේ. මෙම හිංසනයන් බොහෝ විට සිදු වන්නේ මියන්මාර මිලිටරි අංශ මගින් බව ඵස්ස්ඹ්ලුඑ වෙබ් අඩවියට වාර්තාවක් ගෙන එන අකිලා රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කරනවා. මේ අතර බොහොමයක් ස්ත්‍රී දූෂණ සමූහ දූෂණ බවත් එකී මානුශ්‍යත්වයට නිගා දෙන බරපතල අපරධ වැළැක්වීම සඳහා ලෝක ප්‍රජාවම හඬ නැගිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන්. එමෙන්ම මෙහිදී ප්‍රභලම විවේචනය එල්ල වන්නේ අවුන් සාන් සුකී විසින් මෙම අපරාධ හමුවේ නිහඬව සිටීමේ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙනුයි. එය බරපතල තත්වයක් බව ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.

Recommended For You

About the Author: Editor