
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී සුගීර්තරාජන්ගේ 14 වැනි සමරුව ඊයේ (25) මඩකලපුවේදී පැවැත්විණි. ගාන්ධි උද්‍යානය අසල පැවැත්වුණු එම සමරුවට යාපනය මාධ්‍ය සමාජය, නැගෙනහිර මාධ්‍ය එකමුතුව සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍යවේදීන් එක්ව සිටියේය.
මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, ආගමික නායකයන් ඇතුළු සිවිල් කණ්ඩායම් සහභාගී විය.
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න
මෙම පුවත පිළිබඳව වැඩිදුර තොරතුරු පහත වෙබ් සබැඳිය ඔස්සේ ලබා ගත හැක.
https://www.lankanewsweb.net