චීනය බරපතල තත්ත්වයක ෂී ජින් පිං කියයි. පවතින තත්ත්වය හමුවේ සිය වැසියන් මුදාගැනීමට ඇමෙරිකා, බ්‍රිතාන්‍ය හමුදා සීරුවෙන්!

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් එරට රජයේ ඉහල පෙලේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අවධාරණය කොට ඇත්තේ තම රට බරපතල තත්ත්වයක පවතින බවයි. මේ අතර නව කොරෝනා වෛරසයෙන් චිනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයින් ගණන 1,900කට අධිකයි.

එසේම මේ වනවිට වුහාන් ප‍්‍රාන්තය තුළ අද සිට පෞද්ගලික පොදු යන සියලු ප්‍රවාහන කටයුතු තහනම් කර ඇති බව වාර්තා වෙනවා. දැනට පවතින තත්ත්වය අනුව නගර 18 ක් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ඒ තුළ සිටින ජනගහනය මිලියන 56 ක්.

එමෙන්මේම අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් චීනයේ තර්ජිත නගරවල වෙසෙන සිය රට වැසියන් මුදාගැනීම සඳහා සිය හමුදා සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වනවිට සිදුවන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

Recommended For You

About the Author: Editor(A)