
ඉතියෝපියාව පැල මිලියන 353 ක් පැය 24 ක් තුළ සිටුවා ලෝක වාර්තාවක් පිහිටුවීමට යයි. මේ අනුව මීට පෙර මෙවැනි වාර්තාවක් පිහිටුවා සිටි ඉන්දියාවේ වාර්තාව බිඳ හෙලීමට ඉතියෝපියාව සමත්වනු ඇත. ඉන්දියාව මීට පෙර පැය 24 ක් ඇතුළත පැල මිලියන 50 ක් සිටුවා වාර්තාවක් පිහිටුවා තිබුණා. ගෝලීය කාලගුණික සහ දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක අවධානය යොමු කිරීම මෙම ක්රියාදාමයේ අරමුණ වනවා. ඉදිරිපෙළ සමාජ ක්රියාකාරීන් රාශියක් මේ සඳහා පෙරමුණ ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.