

පාකිස්ථාන හිටපු හමුදා නායක සහ හිටපු ජනාධිපති ෆර්වේස් මුෂාරෆ් ට ඉස්ලාමාබාද් විශේෂ මහාධිකරණය විසින් අද දින මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. විරෝධතාකරුවන් මර්ධනය කිරීම සඳහා මිලිටරි බලය යෙදවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් බලය යෙදවීම ඔහුට එරෙහිව තිබූ බරපතල චෝදනාවකි. 1999 වසරේ දී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයට පැමිණි ජනරාල් ෆර්වේස් මුෂාරෆ් 2001 සිට 2008 දක්වා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදී. 2008 වසරේ දී ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වෙන ලදී.