
පරිසර සංවිධානවල විරෝධය සහ වනජීවී දෙපාර්තමේන්තුවේම ඇතැම් අංශවල විරෝධය නොතකා නන්දිමිත්ර නම් වන අලියාව යාල කාලයෙන් හොරොව්පතාන අලිගාල වෙත ගෙනයාමට වනජීවී අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව වාර්තාවේ. යාල පරිසර කලාපයට හුරුවූ මෙම සද්ධන්තයා නුහුරු පරිසර කලාපයකට ගෙනයාමෙන් උගේ ජීවිතය තර්ජනයට ලක්වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව පරිසරවේදී මිහිඳු ෆොන්සේකා විසින් තබන ලද ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.
“මතකද එදා සිංහරාජයේ තෙත් කලාපීය අවසන් අලි දෙදෙනාගෙන් සිංහරාජා හෙවත් පණු දලයාව බලෙන් පටවන් හොරොව්පතාන අලි ගාලට දැමීමට එදා වනජීවී ඇමති සරත් ෆොන්සේකා නියෝග දුන්නම මුලු බුකියම එකතු වෙලා ඒ තීරණය අනෙක් පැත්තට කරකවපු හැටි.
දැන් අද ආයෙම ඒ වගේ අමන තීරණයක් අරන් දැන් වනජීවී ඇමති එස් එම් චන්ද්‍රසේන නියෝග කරලා. යාල ජාතික වනෝද්‍යානය තුළ ඉපදුනු, යාල ට අයිතිවාසිකම් කියන නන්දිමිත්‍රව අල්ලා හොරොව්පතාන අලි සිරකඳවුරට ගෙනියන්න හදන්නේ.වනජීවී ඇමති ඇතුලු දේශපාලකයන්ගේ අමන තීරණ වලට එරෙහිව මෙම ජාතික සම්පත බේරා ගැනීමට සියලු පරිසරහිතකාමීන් එක්විය යුතු මොහොත එළඹ තිබේ.අපේ ශක්තිය එදා සිංහරාජාගේ ජීවිතය සුරක්ෂිත කලා සේ අද යාල නන්දිමිත්රගේ ජීවිතය සුරක්ෂිත කරනු ඇත”