දකුණු වෙරළේ සැරිසැරූ සීල් මත්ස්‍යයාට අසාධ්‍යයි

ඡායාරූප – අන්තර්ජාලය ඇසුරෙනි

ලංකාවේ දකුණු සහ බස්නාහිර සාගර කලාපයේ සැරිසැරූ අලි සීල් (Elephant Seal) සත්ත්වයා මේ වනවිට ඉතා අසාධ්‍ය තත්වයෙන් දෙහිවල වෙරළ තීරයේ සිටින බව වාර්තා වෙනවා. මත්ස්‍ය දැලක හෝ නාවික යාත්‍රාවක හෝ පැටලී මෙරට මුහුදු තීරයට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරන මෙම සාගර ජීවී අමුත්තා තවමත් පැටවකු බව සත්ත්ව විශේෂඥයින් ප්‍රකාශ කර සිටී. මෙරට ජලයේ උෂ්ණත්වය මෙම සත්වයාට ඔරොත්තු නොදීම නිසා මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වන්නට ඇතැයි විශ්වාස කරන අතර මේ වනවිට වනජීවී නිලධාරීන් විසින් සත්ත්වයාට ප්‍රතිකාර කරමින් පවතිනවා. මෙම සත්ත්වයාගේ සම හැලීමට ලක්වන මෙම කාල සීමාවේ වෙරළේ ගල් අතර ගත කිරීමට වැඩි කැමැත්තක් පෙන්නුම් කරන අතර මෙම සත්ත්වයා ජීවත්වන පරිසර කලාපයේ සහ මෙරට පරිසර කලාපයන්හි වෙනස් කම් මෙම සත්ත්වයාට ඔරොත්තු නොදෙන තත්වයකට පත්ව ඇතැයි පෙනී යයි. මෙම සත්ත්වයාට හිරිහැරයක් වන ලෙස නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙස වනජීවී නිලධාරීන් ඉල්ලා සිටින අතර සත්ත්වයා බේරා ගැනීමට උත්සහ ගන්නා බව ප්‍රකාශ කර සිටී.

Recommended For You

About the Author: Editor(A)