තද වැසි සහිත හිම කුණාටුවක් හේතුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන් අඩාල වේ

තද වැසි සහිත හිම කුණාටුවක් හේතුවෙන් ඉන්දියාවේ  ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගුවන් ගමන් රැසක් මේ වනවිට අඩාල වී ඇත.හිම කුණාටුව නවදිල්ලි අගනුවර මෙන්ම යාබද නගර රැසකට ද බලපා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත.

ඊයේ පස්වරු 06.00 සමිට 08.45 දක්වා කාලය තුළ ගුවන් ලමන් 36ක් වෙනත් ගුවන්තොටුපලවල් වෙත යොමු කර ඇත.

තවද දිල්ලිය වෙත පැමිණි ගුවන් යානා ජායිපූර්, ලක්නව් අම්ර්තුසාර්,වරනාසි සහ ඉන්දෝර් ගුවන් තොටුපල වෙත හරවා යැවූ බව දිල්ලි ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර කාශ්මීර කලාපයට දැඩි හිම පතනයක් ඇති වී තිබෙන අතර ශ්‍රී නගර් ගුවන්තොටුපලේ සියළු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත.

එමෙන්ම ජම්මු කාශ්මීරයේ හිමපතනයට ගොදුරු වූ ඉන්දීය පොලිස් භටයන් 6 දෙනෙකු , ගිනි නිවන භටයන් දෙදෙනකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනකුද මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

Recommended For You

About the Author: Editor(A)