ගිමන් නිවනා සොඳුරු හවසක
සෙමෙන් හමනා පුරුදු සුළඟක
වසන්තය අග සුසුම් තවරා
සොඳුර හිනැහී ඇවිත් ගිය දා
භවනාවක මුදු සිසිල දැනුනා
මම මගේදැයි මොහොතකට සිතුනා

පහන් නිවෙනා රැයෙහි මැදියම
රැහැයි නිදනා තුමුළ ගිරිහිස
නිදන්ගත සිහිනයක එතිලා
මලක් මත ජීවිතය ලියලා
හෙමි හෙමින් දෙව් ලොවට පිය නගනා
නුඹ නුඹේදැයි මොහොතකට සිතුනා

බිඟුන් බමනා තුරුම අළුයම
පෙමින් සඟවා තබමි හදවත
යදම් නොසිඳෙන්නටම බැඳලා
පලක් නැහැ ආදරය විඳලා
දිනක් එනතුරු අපි අපට දැනෙනා
කවක් ගලපයි මිය ඇදෙන කවියා

~ ඉලක්ෂ ජයවර්ධන ~

Recommended For You

About the Author: Editor(A)