
අසනිය ගිගුම් වැස්සෙක
බෑගිරි ගගා හඬ දුන්
නෑඹුල් සිහින දුටු පැළ
එම රුදු පසින් මුදවයි
දවා හලු කළ මුඩු පොළෝ
රවා නෙතගින් නුඹ මෙලෝ
නීල ගෙත්තම පතන දුරු හිඳ
ලොබින් අහසම සරසයි
කවුළු තිර දැන් එසවෙයි
මිදි ඔයේ දිය කොඳුරයි
සැමෝවාරය උතුර උතුරා
සුයාමයකට උරදෙයි
එවන් සාධාරණම මොහොතක
ඝන කුළු මේඝ අවමයි
නොතිත් සලකුණු තිබුණද
අන්තරාවේ මැද ඔත්
මන්දිරාවේ ඇත්තේ
අංකුර රහස් පමණයි…
– ඩිල්ෂානි චතුරිකා දාබරේ –