රේගු වර්ජනය තව දුරටත්..වෘත්තිය සමිති 20කට ආසන්න ප්‍රමාණයක් වර්ජනයට සහය දක්වයි

දැනට දින 07ක පමණ කාලයක සිට ක්‍රියාත්මක වනු ලබන රේගු වර්ජනය මේ වන විට වඩාත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.රේගු ආරංචි මාර්ග වලට අනුව වර්ජනයට හේතුව වී ඇත්තේ හිටපු රේගු  අධ්‍යක්ෂ ජෙනරාල් පී.එම්.එස්.චාල්ස් මහත්මිය හදිසියේ සේවයෙන් ඉවත් කිරීමත් රේගු අධ්‍යක්ෂක තනතුර සඳහා සුදුසුකම් රහිත පුද්ගලයකු එම තනතුර සඳහා පත් කිරීමත් හේතුවෙනි. රේගු අඥා පනතට අනුව රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට සඳහා යෝග්‍ය වනු ලබන්නේ රාජ්‍ය පරිපාලන විභාගය සමත් සුදුසුකම් සම්පූර්ණ කරන ලද පරිපාලන නිලධාරියෙකු හෝ දැනට රේගුවෙහි කටයුතු කරනු ලබන අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන ලද පුද්ගලයෙකි. එහෙත් මෙම ආකාර දෙකෙන්ම තොරව රේගු අධ්‍යක්ෂ ධූරය හිටපු නාවික හමුදා නිලධාරියෙකුට ලබා දීමට උත්සාහ කිරීමත් ඇති වූ ගැටලු හේතුවෙන් එම පත්වීම අහෝසි කොට නැවතත් රේගු අධ්‍යක්ෂ තනතුර සඳහා සුදුසුකම් සම්පූර්ණ නොකරන ලද පුද්ගලයකු පත් කිරීමට උත්සාහ කිරීම නිසාත් අර්බුදකාරී තත්ත්වය වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ පවත්වනු ලබන කැබිනට් හමුවේදී මේ පිළිබඳව නිවැරදි විසඳුමක් නොලැබුණහොත් රේගුව අකුරට වැඩ කිරීමේ කාර්යයෙන්ද ඉවත්ව සම්පූර්ණ වැඩ වර්ජනයක නිරතවන බව රේගු ආරංචි මාර්ග වැඩි දුරටත් දැනුම් දී ඇත.ඒ අනුව මේ වන විට භාණ්ඩ සහිත කන්ටේනර් 2000කට ආසන්න ප්‍රමාණයක් අවහිර වී ඇති අතර දිගින් දිගටම මෙම තත්ත්වය ඇති වුවහොත් රට තුල ගැටලු රාශියක් ඇති වීමට ඉඩ පවතී.

එමෙන්ම රේගු නිලධාරීන් විසින් දින කිහිපයක් තිස්සේ පවත්වමින් ගිය වෘත්තිය ක්‍රියාමාර්ගයට සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති 14ක්ද සහාය ඊයේ දිනය වන විට සහය පල කිරීමට තීරණය කර තිබූ අතර එමෙන්ම කන්ටේනර් ප්‍රහනකරුවන්ගේ සංගමය, වාප්පු ලිපිකරුවන්ගේ සංගමයද වැඩ වර්ජනයක නිරත වීමට තීරණය තිබුනේ රේගු වැඩ වර්ජනයට සහායක් ලෙසයි.

රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්දිනකට බිලියන 02 පමණ ආදායමක් රජයට අහිමි වන බවද සදහන් වූ අතර අද (05) දින වන විට පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හා වෙලදුන්ගේ සංගමය විසින් සිය වෙලදසැල් වසා දමමින් හර්තාලයක් ආරම්භ කර ඇත.

ඔවුන් පවසන්නේ රේගුව විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා වරායෙන් තම භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

ප්‍රමාදය නිසා වරායේ රදවා තබා ගන්නා කාලයටද අමතර ගෙවීමක් කිරීමටත් සිදුව ඇතැයි ද එම මුදලද විකිණුම් මිලට එක් කිරීමට සිදුවන නිසා අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහල යාමට ඉඩ ඇති බවද වෙලදුන් කියති.

මෙම තත්වය තවත් පැවතුනහොත් රට තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇතිවීමට ඉඩ ඇතැයිද ඔවුන් කියා සිටී.රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වමින් අද තවත් වෘත්තීය සමිති 20කට ආසන්න ප්‍රමාණයක් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.රේගු වර්ජනයට දැනට සතියක කාලයක් ගතව ඇති අතර මේ වන තෙක්  සුදුසු පුදුගලයෙකු රේගු අධ්‍යක්ෂක තනතුරට ජෙනරාල් තනතුරට පත් නොකිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වීමට හේතු වී තිබේ.

Recommended For You

About the Author: Editor(A)