මීකොං ගංගාධාරයෙන් අලුත් අලුත් සතුන් 115 ක්

මීකොං ගංගාධාරයෙන් අලුත් අලුත් සතුන් 115 ක්

මහා මීකොං කලාපයෙන් සොයාගත් නව ජීවි විශේෂ මිනිස් ක්‍රියාකාරකම් නිසා සෘජුවම වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලෝක වනජීවී සංරක්ෂණ අරමුදල අනතුරු අඟවයි.

නව ඉදිකිරීම් නිසා වාසස්ථාන විනාශ වීම, නීති විරෝධී ජාවාරම් සහ දඩයම් කිරීම යන තර්ජනවලට ඔවුන් දැනටමත් මුහුණ පා සිටින බව සංරක්ෂණ අරමුදල (WWF) විසින් නිකුත් කරන ලද නවතම  වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

ගිනිකොනදිග ආසියාවේ  මීකොං ගංගාධාරයෙන් සොයාගත් නව සත්ව විශේෂ 115 දෙනා අතරට ආහාර වෙළඳපොලකින් හමුවූ ගොළුබෙල්ලන් බුදින කැස්බෑවන් සහ අශ්ව ලාඩම් හැඩැති මුහුණක් සහිත වවුල් විශේෂයක් ඇතුලත් ය.

2016 දී කාම්බෝජය,  ලාඕසය, බුරුමය, තායිලන්තය සහ වියට්නාමය යන රටවලින් නව ක්ෂීරපායීන් තිදෙනෙක්, උභයජිවින් 11 ක්, මත්සයන් දෙදෙනෙක්, උරගයන් 11 ක් සහ ශාක වර්ග 88 ක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව 1997 සිට 2016 දක්වා එම කලාපයෙන් හමු වූ මුළු නව ජීවි විශේෂ ගණන 2524 කි.

අතිශය දුර්ලභ ගණයේ කිඹුල් කටුස්සෙක් ද, ගංගා සහ ජල මුලාශ්‍ර ආශ්‍රිතව ජිවත් වන ජීවි විශේෂ දෙකක් ද උතුරු වියට්නාමයේ එකම වනාන්තරයකින් හමුවූ නව විශේෂ 5 න් එකක් වන දීප්තිමත් වර්ණවලින් යුත් මැඩියෙක් ද මේ අත‍රට ඇතුලත් ය.

ගොළු බෙල්ලන් ආහාරයට ගන්නා කැස්බෑවා සොයාගැනීමට හැකි වී ඇත්තේ ගංගාශ්‍රිතව හෝ වනාන්තරයකින් නොව උතුරු නැගෙනහිර තායිලන්ත ආහාර වෙළඳ පොලකිනි.

සාප්පු හිමියා ඌ අල්ලාගෙන ඇත්තේ අසල පිහිටි ඇළ මාර්ගයකිනි.

කඳුකර අශ්ව ලාඩම් වවුලා ලාඕසයේ සහ තායිලන්තයේ පිහිටි සදාහරිත වනාන්තරයකින් හමු වී ඇත.

ඌගේ මුහුණ අශ්ව ලාඩම් හැඩයක් ගන්නා බව ලෝක වනජීවී අරමුදල පවසයි.

උපුටා ගැනීම – radiogagana ඇසුරින්

Recommended For You

About the Author: Editor(A)