මිහිපිට සොම්බිවරුන් මවන විෂ මත්ද්‍රව්‍යය ; ක්‍රොකඩයිල්

(සංවේදී ඡායාරූප ඇතුළත්ය)

“ක්‍රොකඩයිල්” යනු මෑත කාලයේ ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍යයකි. මෙහි අති බිහිසුණු අතුරු ඵලය නම් රූපාකාරයෙන් මිහිපිට සොම්බියන් බිහි කිරීමයි. මේ මතට ඇබ්බැහි වී මද කාලයක් ගත වන විට සම්, මස් දිය වී සිරුරේ අස්ථි පෑදෙන්නට පටන් ගනියි. මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ හම කොළපාටට හැරී කිඹුලෙක්ගේ මෙන් සිරුරේ ගෙඩි හටගනියි.

එමෙන් ම ඇඟ මස් දියවී අස්ථි දක්වා පෑදීමට තරම් විස මේ මත්ද්‍රව්‍යය ශරීරයේ සංවේදීම ස්ථාන, එනම්, ඇස, ලිංගේන්ද්‍රය වැනි ශරීරාංගයන් දිය කර හරියි.

හෙරොයින්වලට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි වීම සහ මිල අඩු වීම එය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවක් වී තිබේ. එමෙන්ම එහි තිබෙන ඇබ්බැහි වන සුළු ස්වාභාවය නිසා මේ වනවිට ලෝකය පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති වී තිබේ.

සමාජවාදය බිඳවැටුනු පසු රුසියාවේ වැඩි වශයෙන් “ක්‍රොකඩයිල්” පැතිර ගිය අතර මේ වනවිට මෙක්සිකෝවද ඊට ගොදුරු වී ඇත. යුරෝපයේ සහ ඇමරිකාවේද දැන් එය ජනප්‍රිය වෙමින් පවතී.

කෝඩීන්, පෙට්රල්, තිනර්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අයඩින් සහ රතු පොස්පරස් යොදාගෙන මෙය පහසුවෙන් නිපදවා ගත හැකි වීමද “ක්‍රොකඩයිල්” වසංගතයක් ලෙස ලොව පුරා පැතිරී යාමට එක් හේතුවක් වී තිබේ.

එහෙත් එය පානය කිරීම නිසා ශරීරයට සිදුවන හානිය කෙතරම්ද යත් භාවිතා කරන්නෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර දෙකක් පමණ වේ. එමෙන්ම ඇතිවන සංකූලතා දැකීමට බිය උපදවන තරම් භයානක වේ. දේශපාලන සහ ත්‍රස්තවාදය සමග නිතරම ගැට ගැසී ඇති නිසා මත්ද්‍රව්‍ය මාෆියාව නතර කිරීම ඉතා අපහසු වී තිබේ.

ලෝකයේ මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහියෙන් මිදෙන්නට අපහසුම මත්ද්‍රව්‍යය හැටියට ක්‍රොකඩයිල් හඳුන්වා දිය හැකිය.

පහත දැක්වෙන්නේ “ක්‍රොකඩයිල්” නම් මත්ද්‍රව්‍ය නිසා එය පානය කළ පුද්ගලයන්ගේ ශරීරයේ ඇති වී තිබෙන සංකූලතාවන්ය.

(අන්තර්ජාලය ඇසුරිනි)

Recommended For You

About the Author: Editor(A)