
හෙම්බිරිස්සාව හැදුනම ගලාගෙන එන හොටු
තනියම පිහදාගත යුතුයි පුතු
අම්මලා නැති දරුවන් ගැනත්
දැනගත යුතුයි හරියටම තතු
විශාදයටත් වඩා දරුණුම ලෙඩක් ප්රමාදය
ෆේල් වෙන එකත් ලේසි නෑ විභාගය
තාත්තා ඔහු නිසා වෙහෙසෙනව දිවා රැය
ජය වගෙම සැමරිය යුතු දෙයක් පරාජය
මිනිසුන්ගෙ කුසගින්නෙ ප්රමාණය
වගෙම දැනගත යුතුයි හිඟන්නගෙ තුවාලය
දෙවියන් මෙලොව එන ද්වාරය
අපි හිතනවට වඩා විශාලය
වැන්දට කමක් නැහැ දේවාලය
ඉල්ලන්නනම් යන්නෙපා මුකුත්
ඉල්ලුවොත් නොලැබෙනවාමය
මේ ගැන හොඳින් කියා දිය යුතුයි අපෙ පුතුට
මැණික, එතකොටයි තව තවත් අදරේ නුඹට..
දොස්තර කෙනෙක් වෙයන්
එහෙම නැත්නම්
බිස්නස් එකක් කරපන්
සල්ලි මිටියක් අරන්
හවසට ගෙදර වරෙන්
ඒව තහනම් වචන…
කම්කරුවෙක් උනත්
පාර හරියට අතුගාන ගමන්
කුණු ටික හරි තැනට දාන එකත්
ගන්න පඩියට ණය නොවන විටත්
මට ඇවිත් බදාගත හැකි පුතෙක්
මැණික උඹ මට හදල දියන්…
~ ඉලක්ෂ ජයවර්ධන ~