
මා ලියන හැම කවියකම
අවසානයේ හෝ කොතැනක
නුඹ ඉන්නවා අසුන් අරගෙන
සෙනෙහසේ ගැඹුරුම දහම
තියෙන්නෙත් අන්න එතන ය
උද්‍යානයේ බංකුවක
එක ම එක දිනක් හෝ
අසුන් ගන්නට තිබ්බානම්
කිසිත් නොදොඩා
හිදින්නම් ඔය ඇහි පියන් යට
අහම්බෙන් නමුත් දෑත් පැටලෙන
තත්පර දෙක තුන
දිවි මගේ කම්කටොලු නිවාලන
ඒ තමයි දිව ඔසුව
නුඹ ඒ බවක් දන්නවා ද සොඳුර
ඉඳහිටක දී හීනෙන් ඇවිත්
(දැන් දැන් නිතරම)
නුඹ දීලා යන හීතල හාද්ද
මං උදේට මූණ හෝදන්නේ නෑ
මේ ඇත්තමයි එදාට
හ්ම්ම්…..
මතකද
ඒ සොදුරු කෙදිරුම
හ්ම්ම්…..
කලාතුරකින් ගන්න ඇමතුමක
අවසානයේ අමුණන
“ගුඩ් නයිට්
බුදු සරණයි!
ආ…. ”
කියලා බාගෙට කොදුරන
මතකද සොදුරියේ
ඒ සොදුරු කෙදිරුම
කළණ දම්සර