හීන අද්දර – 02

සමන්ත අයියගේ හිනාව එක්ක මට දැණුන අසරණකම වචනවලට පෙරළන්න මට බෑ. මම ඇඬුවා. කෑ ගැහුවා. අන්තිමට මගෙ අතට අහුවුණ හැම දේකින්ම සමන්ත අයියට ගැහුවා. මේ නරුමයගෙන් ගැළවෙන්න ඕනෙ කියන අදහස මගේ හිතට කොහොම ආවද මම දන්නේ නෑ. ඒත් ඒ වගේ හැඩි දැඩි මිනිහෙක් එක්ක ඔට්ටු වෙන්න මට පුළුවන් ද? මට මතක සමන්ත අයියා මගෙ ඔලුව බිත්තියේ හප්පනවා විතරයි. ලේ විලක් මැද මාව විනාස කරලා යන්න තරම් ඒ නරුමයා තිරිසනෙක් වුණා.

අම්මා එනකන් මම සාලෙ මැද වැටිලා හිටියා. මම ප්‍රාර්ථනා කළේම අනේ මගේ හුස්ම ටික යනවනම් කියලා. ඇඟපුරා ඇවිලෙන වේදනාවට වඩා මට වේදනාවක් උනේ උදයංග අයියව මතක් වෙන එක. අනේ දෙවියනේ මම ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් එක්ක පටන් ගන්න හැදුවා විතරයි. මම කොහොමද උදයංග අයියගේ මූණ බලන්නෙ. අනේ එයා තව ටිකක් වෙලා හිටියනම් මට මේ කිසි කරදරයක් වෙන්නෙ නෑ.

************************************************************************

නඩු හබ එක්ක පැටලෙන්න තරම් වත්කමක් අපිට නැහැ. පව් කාරයෝ උණත් සල්ලිකරයෝ. වෙච්ච ඒ නරුමයන්ට විරුද්ධව අම්මා වචනයක්වත් කිව්වේ නෑ. දෙයියො බුදුන්ට කිය කිය දෙස් තිබ්බා කියලා නැති වුණ දේවල් මට ආයෙ හම්බෙන්නේ නෑ. විශේෂයෙන්ම උදයංග මට දීපු බලාපොරොත්තු. මේ සිද්ධියෙන් පස්සේ මට ආයෙ ඉස්කෝලෙ යන්න උවමනාවක් තිබුණෙත් නැහැ. හැම දේකින්ම ඈත්වෙලා ඉන්න, මුළු ලෝකෙටම වෛර කරන්න තරම් වේදනාවක් විතරයි මගේ හිතේ ඉතුරු වෙලා තිබුණෙ. ඇත්තම කිව්වොත් අම්මා එක්ක පවා මට තිබුණෙ වෛරයක්. මගේ ජීවිතේ අවාසනාවන්තම සිද්ධිය වෙද්දිත් අම්මා ගැන අහන්න ලැබුණ දේවල් එක්ක මම අම්මට වෛර කරමින් හිටියේ. සමන්ත අයියගෙන් අම්මා ණයක් අරන් තියෙනවා.
මම දන්නේ නෑ ඒ මොකටද කියලා.

**********************************************************************
විභාගය ඉහළින් ම සමත් කියන ආරංචිය අරගෙන ආවේ සඳනි අක්කා. ඒ එක්කම උදයංග අයියා එවපු ලියුමක් මට හම්බුණා. අදටවත් මම දන්නේ නෑ එයා ලියලා එවලා තිබුණේ මොනවද කියලා. මේ හැම දෙයක් එක්කම සැරින් සැරේට ණය ඉල්ලගෙන ආපු සමන්ත අම්මට කරදර කරන්න පටන් ගත්තා. ඒත් එක දවසක්.. මට මතක විදිහට මේ සිද්ධිය වෙලා මාස තුනකට පස්සේ රෑ 10ට විතර අම්මා කාමරේ අඬනවා ඇහුණා. වෙනදට ඇස් පියාගෙන අම්මා හුස්ම ගන්න සද්දෙ, අඬන සද්දෙ අහන් හිටපු මට හිතුණා අම්මගෙ ළඟට යන්න. මම කළුවරේම ගිහින් අම්මගේ කාමරේට එබුණා. එදා තමයි මම ලොකු ශක්තියක් තියෙන එකියක් කියලා මම දැන ගත්තේ. සමන්ත ගාව මගේ අම්මා වැඳ වැටෙනවා මම දැක්කා. හැම වේදනාවකටම අවසානයක් තියෙන්න ඕනෙ.

මම නැටුම් ගුරුවරියක් කරන්න ආසාවෙන් හිටපු මගෙ අම්මා කාට හරි ණය වෙලා මට බෙරයක් අරන් දීලා තිබුණා. රණා මාමා ගෙදරට බෙරය අරන් එනකන් මම ඒ ගැන දැනන් හිටියේ නෑ. මට දැන් හැමදේම තේරෙනවා. අම්මා අරන් දීපු ගැට බෙරය මගේ ඉරණම මේ විදිහට තීරණය කරයි කියලා මම හිතුවේ නෑ. ඒ උනාට මං හින්දා අම්මගෙ ඇස්වලින් කදුළු වැටුණා ඇති කියලා මට හිතුණා.

මට වුණ හැම සිද්ධියක්ම, හැම වේදනාවක්ම, මට මතක් උණා. උදයංග අයියා, මගේ යාලුවෝ, නැටුම් ටීචර් මේ ඔක්කොම මට මතක් වුණා. අත්දෙකෙන්ම බදා ගත්ත බෙරයෙන් පුළුවන් තරම් වේගයෙන් සමන්තගෙ ඔලුවට ගැහුවා. මාව නවත්තන්න අම්මට පුළුවන් වුණේ නෑ. බිම වැටිච්ච්ච ඒ නරුමයා දිහා ගෑනියෙක්ට බලන්න බැරිවෙන තරමටම මම මගේ වෛරය පිරිමහ ගත්තා. ලේ විලක් මැද වැටිලා හිටිය සමන්ත දකිද්දි මාව විනාස කරපු විදිහ මම මේ විදිහටම සාලෙ වැටිලා හිටිය විදිහ මතක් වුණා. ඒ හැම මතකයක්ම සමන්තට දැන් වේදනාවක් වෙන්න ඇති. අන්තිම හුස්ම එක්ක පොර බදපු සමන්ත මගෙ අතින් ම මැරුම් කනකන් අම්මා කළේ අඬපු එක. අල්මාරිය ඇරපු අම්මා අම්මට කියලා තිබුණ හැම වටින දෙයක්ම මට දුන්නා. එතන තිබුණෙ රුපියල් දාහක් එක්ක පොඩි මාලයක්. ඒ හැම එකම අම්මටම දීපු මම පයින්ම ආවෙ පොලීසියට. මාව නවත්තන්න හදපු අම්මා මාව නවත්තන්න බැරි තැන මාත් එක්කම පොලිසියට ආවා.

– මතු සම්බන්ධයි –


Recommended For You

About the Author: Editor(A)