
ප්රකට හොලිවුඩ් තිර කතා රචකයෙකු වූ ඇලෙක්ස් මයිකලිඩීස් විසින් රචිත ප්රථම නවකතාව වන ” ද සයිලන්ට් පේෂන්ට්” හි සිංහල පරිවර්තනය දොරට වැඩුම පෙබරවාරි මස 09 වැනිදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්රයේ දී පැවැත්වේ.
සම්මාන ලාභි පරිවර්තකයෙකු වන කුමාර සිරිවර්ධන විසින් ” ද සයිලන්ට් පේෂන්ට්” හි සිංහල පරිවර්තනය සිදු කොට ඇති අතර එහි මුල් කෘතිය පෙබරවාරි මස 07 වන දින එංගලන්තයේ දී එළි දක්වනු ඇත. ඊට සමගාමීව චීනය, කොරියාව, ඉන්දුනීසියාව, රුසියාව, ජර්මනිය සහ පෘතුගාලය ඇතුළු රටවල් 43 ක එහි පරිවර්තන කෘති එළි දැක්වීම විශේෂත්වයකි.
හඬ නිහඬ ” මියුසස් පබ්ලිෂිං” ප්රකාශනයකි.