අධ්‍යාපන
අමාත්‍යංශය විසින් පාසල් දරුවන්ට නොමිලේ ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය ඉදිරියටත්
අඛණ්ඩව ගෙන යාම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත.
සුරක්ෂා
රක්ෂණාවරණයත් සමඟ මේවන විට ඉදිරිපත්
වී සිටි රක්ෂණ සමාගමෙහි ගිවිසුම් කාලසීමාව 2018-12-01 දිනෙන් අවසන් වූ අතර , නව ආයතනය සමඟ ගිවිසුම් ගත වන තුරු අදාල ප්රතිලාභ ලබාදීමේ කටයුතු අධ්‍යාපන
අමාත්‍යංශය හරහා සම්බන්ධීකරණය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව 2018-12-01 දිනෙන් පසු රක්ෂණ ප්රතිලාභ අපේක්ෂා කරන
සියලු පාසල් දරුවන් තම අයදුම්පත් අධ්‍යාපන
අධ්යක්ෂ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112784163 දුරකථන අංකය අමතා ද ලබා ගත හැකිය.
Post Views:
84