මේ වසරේ නොවැම්බර් 10 ට පෙර පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවහොත් ධූරයෙන් ඉල්ලා අස්වෙනවා – මැතිවරණ කොමිසමේ සභාපති

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමෙන් පසු අප්‍රේල් මාසය තුළ පැරණි මනාප ක්‍රමයට එම ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනූව  අප්‍රේල් මාසය තුළ පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීති සම්මත කළහොත් පමණක් පළාත් සභා මැතිවරණ අගෝස්තු මාසයේදී පැවැත්වීමට හැකිවන බව ද සභාපතිවරයා මෙහි දී සඳහන් කළේය.

මෙම වසරේම ජනාධිපතිවරණය ද පැවැත්වීමට නියමිත බැවින් නොවැම්බර් 10ට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වුවහොත්  තමා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ඊයේ (28) පැවති  මාධ්‍ය සාකච්ඡාවේදී සභාපතිවරයා  අවධාරනය කරන ලදී.

එබැවින්  පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් හැකි ඉක්මනින් අදාළ නිතී සංශෝධනය කිරීමට පියවර ගනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වන බවද  ඒ මහතා වැඩි දුරටත් සඳහන්  කළේය.

Recommended For You

About the Author: Editor(A)