බ්‍රසීලයේ Brumadinho වේල්ල කැඩීයාම නිසා අතුරුදන් වූ සිය ගණනකගේ ජීවිත සොයාගැනීම පිළිබඳ විශ්වාසය ඉතා අඩු මට්ටමක

බ්‍රසීලයේ Brumadinho වේල්ල කැඩී වැටීම හේතුවෙන් ඇති වූ ව්‍යවසනයේ දී අතුරුදන් වූ මිනිසුන් සිය ගණනකගේ ජීවිත බේරා ගැනීමේ විශ්වාසය ඉතා අඩු මට්ටමක පවතින බව අදාළ විමර්ශන සඳහා සහභාගී වන සෙබළුන් ප්‍රකාශ කර ඇති බව බී.බී.සී වෙබ් අඩවිය මගින් වාර්තා කර ඇත.

ඉරිදා දිනය වන විට Brumadinhoහි දකුණු ඉවුර අසල ජීවිත බේරාගත් කිසිවෙකු නොවූ අතර මියගිය සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම බී.බී.සී වෙබ් අඩවිය දක්වන අකාරයට සිද්ධියට අදාළ ප්‍රදේශයෙහි වැඩබිම්වල සේවය කරන ලද සේවකයන් 305 දෙනෙක් ඇතුළු කම්කරුවන් සහ නිවැසියන් විශාල ප්‍රමාණයක් මේ වන විට අතුරුදන්ව ඇති අතර ජීවිත 192ක් බේරා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මේ වන විටත් සිද්ධියට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීම අසිරු මට්ටමක පවතින අතර ඇතැම් ස්ථානයන්හි අධික ලෙස මඩ තැන්පත්වීම එයට හේතු වී ඇත. මෙහෙයුම් කටයුතුවල නිරතවන සෙබළුන් හෙලිකොප්ටර් සහ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් අදාළ  කටයුතු සිදු කරගෙන යනු ලබන අතර ඇතිව තිබෙන ව්‍යවසනකාරී තත්ත්වය යටතේ බ්‍රසීලයට සහය දැක්වීමට මේ වන විට ඊශ්‍රයාල වෛද්‍යවරුන්, නාවික හමුදාවේ ඉංජිනේරුවන් හා නාවික හමුදා දිය යට මෙහෙයුම් සිදු කරනු ලබන ඒකකයන්හි සාමාජිකයන් ඇතුළු පිරිස් බ්‍රසීලය වෙත පැමිණ සිටින බව බී.බී.සී ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Recommended For You

About the Author: Editor(A)