
අට වන වරටත් පැවැති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේ දී පාසල් 40ක පරිසර නියමුවන් 93 දෙනෙක් ජනාධිපති පදක්කමින් පිදුම් ලැබීය.
පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.
ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ‘පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය’ පැවැත්විනි.
පාසල් අධ්‍යාපනය තුළින් පරිසර අධ්‍යාපනය සිසුන් වෙත ලබා දී ඔවුන් ප්‍රායෝගිකව පරිසර සංරක්ෂණ කි‍්‍රයාවලියට යොමු කර පරිසර සංවේදී අනාගත පරපුරක් ගොඩනැගීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.