
පති – පතිනි කුල ගෙදර….
පති වත පූජාසනය මත තියා
පතිනිවත මුලු ගැන්වු ඇඳමතම හොවා
සොයයි
පිරිමින්
ඇද කිය කියා පති වතම පුන පුනා….
ඒ ඔහු ම දවසක අතීතයක
රාගය ආලයේ මුවාවෙන්
වෙස්ගත් හදවතේ
ඇස් පුරා දිලෙයි ඔහුගේ මුදු ආලය
වෙන ලඳක් සනහාලනා…..
එහෙත් නා, දෙහි කහ ලාගත් පිරුවටය
උඩුකයේ සිට වසාගෙන
වටහාගත නොහැකි මේ අරුමය
සිනා සිසි කෙලෙසයි එවැනිම ලඳකගේ
සිත….
පත්තිනි ද නුඹ
– ශෙහානි විජේසේකර ආරච්චි –