ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සියල්ල සූදානම්

71 වැනි නිදහස් දින උළෙල වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම් බව අභ්‍යන්තර හා ස්වදේශ  කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ජනාධිපති කාර්යාලය හා අග්‍රමාත්‍ය කාර්යාලය සහ සියලු අමාත්‍යංශ එක්ව මෙහි සියලු කටයුතු සංවිධානය කරනු ලබයි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන 71 වැනි නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලික් මහතා හා එම මැතිනිය සහභාගී වීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙබරවාරි 1 සිට 7වන දා තෙක් සියලු  ශ්‍රී ලාංකික පුරවැසියන්ටත්  සියලු  ආයතනවලත්  ජාතික ධජය එසවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී  ඉල්ලා සිටියේය.    

Recommended For You

About the Author: Editor(A)