ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා යටතේ ආරම්භ වී ඇතැයි ඇමති මංගල කියයි

වත්මන්  රජය විසින් ආරම්භ කර ඇත එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය පිළිබඳ වැඩපිළිවෙළ ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත. අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (28) දඹුල්ල පිරිවෙන වැව භූමියේ දී පැවති එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සමාරම්භක උත්සවයේ දී ය.

මෙරට ගොවි ජනතාවට පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බවත් ශ්‍රී ලාංකිකයන් හට අලුතෙන් ව්‍යවසායකත්වය පිළිබඳ කියා දීමට අවශ්‍ය නොවන බවත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ  ලක්ෂ 7500 දක්වා විවිධ මට්ටමේ ණය ලබා දෙන බවත් තවද උපාධිධාරීන්ට ණය ලබාදෙනු ලබන්නේ පොලී අය කිරීමකින් තොරව බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම මෙම අවස්ථාවට පී.හැරිසන්, ඉරාන් වික්‍රමරත්න,වසන්ත අළුවිහාරේ,රෝහිණී කවිරත්න යන මැති ඇමතිවරුන් මෙන්ම භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය ඇතුළු මුදල් අමාත්‍යංශ නියෝජිත පිරිසක් සහ ගොවි ජනතාව විශාල පිරිසක් ද  සහභාගී වී ඇත.

Recommended For You

About the Author: Editor(A)