
ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හඳුන්වාදුන් ග්‍රාම ශක්ති ගමට අරුණ සහ ග්‍රාම ශක්ති ගමට දිරිය ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට්පත ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.පී.ඒ.සූරියප්පෙරුම මහතා විසින් ටිකට්පත් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබූ අතර, සහකාර සාමාන්‍යාධිකාරී සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය.