කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්

ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලද කලා ශිල්පි ශිල්පිනියන් ඇගයීමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අද (29) ප.ව. 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන මෙම උළෙල මෙවර පැවැත්වෙන්නේ 34 වන වරට වන අතර සියළුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් කලාකරුවන් දෙසීය දෙනෙකු මෙහි දී උපහාර ලැබීමට නියමිත ය.

එමෙන්ම ජනශ්‍රැති, නර්තන, රූපවාහිනී, සාහිත්‍ය, දෘශ්‍ය කලා, නාට්‍ය,ඡායාරූප, සංගීත, ගුවන්විදුලි යන ක්ෂේත්‍ර යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදු කරනු ලබන අතර විශිෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙයට සහභාගී වනු ඇත.

Recommended For You

About the Author: Editor(A)