
ඊයේ උදෑසන ( 29) කන්දකාඩු ප්රදේශයේ සිදු කළ මෙහෙයුමක දී නාවික හමුදාවට එරෙහි ව වැලි ජාවාරම්කරුවන් ඇතුළු ප්රදේශවාසීන් විසින් සංවිධානාත්මක ව විරෝධය පළ කළහ. එහි දී ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී වැලි ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) ගඟට පැන පලා ගොස් ඇති අතර පලා ගිය තිදෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්රියාත්මක වේ.
ජාවාරම්කරුවන් සහ ප්රදේශවාසින් එක්ව නාවික හමුදාවට පහර දීමට කළ උත්සාහයක දී නාවික හමුදාව විසින් අහසට වෙඩි ප්රහාර දෙකක් එල්ල කර තත්ත්වය පාලනය කර ඇත.
කන්දකාඩු ප්රදේශය ආශ්රිතව නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ක්රියාත්මක කරන ලද මෙහෙයුම්වල දී වැලි ජාවරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
ජනවාරි 28 වන දින කන්දකාඩු ප්රදේශයේ මහවැලි ගඟ ආශ්රිතව අනවසරයෙන් වැලි ගොඩදැමිම සිදු කළ බෝට්ටු 06ක් සහ ජනවාරි 29 වන දින අළුයම අනවසර වැලි ජාවාරමේ නිරත වූ ලොරි රථ දෙකක් ද නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූහ.
ඒ අනුව, දැනට ක්රියාත්මක කළ මෙහෙයුම් දෙකක(2) දී ජාවාරම්කරුවන් හත්දෙනෙකු(7) අත්අඩංගුවට ගන්නා ලදී.